ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 07-04-2019 | 6:26 AM

දේශීය පුවත්

1. හම්බන්තොට දෙවන තෙල් පිරිපහදු ආයෝජකයා ගැන තව ත් ආන්දෝලනාත්මක අනාවරණයක්: මෑතකදී මුල්ගල් තැබූ හම්බන්තොට තෙල් පිරිපහදු සංකීර්ණය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු ගැටලුවක් මතු වී නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2. 1960දී දකුණු කොරියාව සමග කරට කර සිටි ශ්‍රී ලංකාවට මොකද වුණේ?: මෙරට පාලකයින් දූෂණ වංචා පිළිබඳව නම් දරන රටක් බවට ශ්‍රී ලංකාව පත් කරද්දී, ශ්‍රී ලංකාව හා සම සමව සිටි සෙසු රාජ්‍යයන් ලොව ජය කෙහෙළි නංවමින් සිටියි. 3. කිරි ගොවීන් කබලෙන් ළිපට, ආන්දෝලනාත්මක කිරි දෙනුන් ආනයනය තවදුරටත් සිදු කිරීමට බලධාරීන් උත්සහයක: මෙරට පශු සම්පත් කර්මාන්තය දැඩි ආගාධයකට හෙළූ ආන්දෝලනාත්මක කිරි ගවයින් ගනුදෙනුවට වගකිව යුත්තේ කවු ද? 4. දෛනික විදුලි කප්පාදු කාල සීමාව දීර්ඝ වන ලකුණු: විදුලිබල පද්ධතියේ මතු වන විවිධ ගැටලු හේතුවෙන් දෛනික විදුලි කප්පාදු කාල සීමාව දීර්ඝ විය හැකි බව විදුලිබල මණ්ඩලය පවසයි. 5. බ්ලුමැන්ඩල් කසළ කන්දේ ගින්නක්: බ්ලුමැන්ඩල් කසළ කන්දේ ගින්නක් හට ගෙන තිබේ.

විදෙස් පුවත්

6. වසර 30කට පසු සෞදි – ඉරාක මිත්‍රත්වය අලුත් වෙයි: වසර 30කට පසු ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සෞදි කොන්සල් කාර්යාලයක් විවෘත කර තිබේ.