ඈවරයි... දෑවරයි... කිරි ගොවියා ත් අහවරයි

ඈවරයි... දෑවරයි... කිරි ගොවියා ත් අහවරයි

by Staff writer 07-04-2019 | 10:04 PM
COLOMBO (News 1st) : මෙරට පශු සම්පත් ක්ෂේත්‍රයට කණ කොකා හැඩවූ ආනයනික කිරි ගවයින් මිලදී ගත් ගොවීන්ට මේ වනවිට තමන් ජීවිත කාලය තුළ හරි හම්බකරගත් දේපළ පවා අහිමිවීමේ තත්ත්වයක් මතුව තිබේ. ඒ අතරතුර මීට වගකිව යුත්තන් පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද තවදුරටත් කරුණු පැහැදිලි කළේ ය. නිවුස්ෆස්ට් මස්කෙලිය,හැටන් සහ දඹුල්ල යන ප්‍රදේශවල ආනයනික කිරි ගවයින් ලබාදුන් ගොවිපොළවල් රැසක් ද නිරීක්ෂණය කළ අතර ඉන් එක් ගොවිපළකට අප යන විටත් ගවයෙකු මරණාසන්නව වැටී සිටියේ ය. එම සත්ත්වයා මියගියේ ද අප කැමරාව ඉදිරියේයි. තවත් ගොවිපළකට අප යනවිට ආනයනික කිරි ගවයෙකුගේ මරණ පරීක්ෂණය සිදුකෙරමින් පැවතිණ. මෙවන් පසුබිමක තවත් කිරි ගවයින්, 15000 ආනයනයට සැලසුම් කර තිබියදී, කිරි දෙනුන් මියයාම පිළිබඳව විෂය භාර අමාත්‍ය පී හැරිසන් මහතාගේ නිගමනය වූයේ මෙවැන්නකි.
"කිරි ලීටර් 25ක් ගන්නවා. මම කියන්නේ නැහැ සියලුම ෆාම් වල ඒ තත්ත්වය තියෙනවා කියලා. පසු වෛද්‍යවරු තමයි නිර්දේශ කරන්නේ සත්ව ආහාර ප්‍රමානයේ යම් අඩුවක් තියෙනවා කියන එක"
බලධාරින්ගේ මග පෙන්වීම් අනූව යමින් කිරි ගොවීන් මෙම දෙනුන් ලබා ගත්තේ, සිය දේපළ පවා උකසට තබමිනි. අද ඒවා මූල්‍ය ආයතනවලට සින්න වීමේ අවදානමකට ද ලක්ව අවසන් ය. මෙරට පශු සම්පත් ක්ෂේත්‍රයේ වර්ධනයට සැබෑ වුවමනාවක් මේ බලධාරින්ට තිබුණේ නම්, මේ ආකාර මුදල් නාස්තියක් වෙනුවට මෙරට ගව සම්පත සුරැකීම සදහා ඕනෑතරම් අවස්ථා ඇති බව මේ ගොවි මහතා කරන හෙළිදරව්වෙන් මනාව සනාථ වේ.
"මේක අපි පරණ සත්තුන්ගෙන් තියාගත්ත මහත්තයා අපි දැන් මහත්තයා 10 වෙනි පැටියා දාලා තියෙන්නේ දැන් ගන්නවා ලීටර් 28 ක් 30 ක් ගන්නවා"
https://www.youtube.com/watch?v=UXYd-Vx2WmQ