අල්ලස් කොමිසමට නව නිලධාරීන් 200 ක්

අල්ලස් කොමිසමට නව නිලධාරීන් 200 ක්

by Staff writer 07-04-2019 | 12:55 PM

COLOMBO (News 1st) - අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නව නිලධාරීන් 200 ක් බඳවා ගැනීමට තීරණය කර තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ, ඊට අදාළව පැවති කඩයිම් විභාගයෙන් අපේක්ෂකයින් 408 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි. ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඉදිරියේදී පැවැත්වෙනු ඇති. විභාගය සමත්වූවන්ගේ නාම ලේඛනය ciaboc.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසුවේ ය.