අද ත් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 10 ක් උණුසුම්...

අද ත් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 10 ක් උණුසුම්...

by Staff writer 07-04-2019 | 7:53 AM

COLOMBO (News 1st) - පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, කොළඹ, ගම්පහ, මන්නාරම, වවුනියාව, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවලට අද දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ පිළිබඳව එම දිස්ත්‍රික්කවල ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. උණුසුම් කාලගුණය පවතින අවස්ථාවල වැඩිපුර ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල විවේක ගැනීම, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් භාවිත කිරීම මෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර අද දිනයේදී නල්ලූරුව, බැල්ලපිටිය, බෝතලේ, කහවත්ත, කඳුරුගල්ල, කෝන්කැටිය,හබැස්ස හා දොබගහවෙල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.