by Staff writer 07-04-2019 | 9:33 AM
COLOMBO (News 1st) - පවතින දේශගුණ විපර්යාසයත් සමග තෙත් කලාපයේ ද නව ජලාශ කිහිපයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ගංගාධාර කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ජානකී මිගස්තැන්න මහත්මිය සඳහන් කළේ, වරන් වර ඇතිවන අධික වියලි කාලගුණය හේතුවෙන් තෙත් කලාපයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.
ඇය සඳහන් කළේ, කැලණි ගඟ හා කළු ගඟ ආශ්‍රිතව මෙම ජලාශ ඉදි කිරීමට සැලසුම් කර ඇති බවයි.