මුහුදේ පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

මුහුදේ පාවෙමින් තිබූ මළ සිරුරක් නාවික හමුදාව සොයා ගනී

by Staff writer 07-04-2019 | 6:52 AM

COLOMBO (News 1st) - මුහුදේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, කොළඹ ගාලු මුවදොරට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ සිදු කළ මුර සංචාරයකදී මෙම සිරුර සොයාගත් බවයි. සිරුර කොළඹ වරායට රැගෙනඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා කොළඹ වරාය පොලීසියට භාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේ ය.