බ්ලුමැන්ඩල් කසළ කන්දේ ගින්නක්

බ්ලුමැන්ඩල් කසළ කන්දේ ගින්නක්

by Staff writer 06-04-2019 | 5:37 PM
COLOMBO (News 1st) - බ්ලුමැන්ඩල් කසළ කන්දේ මේ වන විට ගින්නක් හට ගෙන තිබේ. කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීම සඳහා සේවා රථ 6ක් යොමු කළ බව ය. නාවික හමුදාව ද ගින්න මැඩපැවැත්වීම සඳහා පැමිණ ඇති බව කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ය.