by Staff writer 06-04-2019 | 1:13 PM
COLOMBO (News 1st) : අද උදෑසන 8.30 න් අවසන්වූ පැය 24 තුළ උපරිම උෂ්ණත්වය වවුනියාව ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ.
එම අගය සෙල්සියස් අංශක 37. 6කි.
අනුරාධපුර ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 37.4 ක් හා කුරුණෑගලින් සෙල්සියස් අංශක 36.8 ක් බැගින් වාර්තාවී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ දිනවල සූර්යා ශ්‍රී ලංකාවට මුදුන් වී ඇති අතර එම තත්ත්වය අප්‍රේල් 15 පමණ වන තෙක් පවතින බවයි.
අද දහවල් 12.12 ට අහුන්ගල්ල, ගනේගොඩ කලුබෝවිටියන, කැටවල , වලල්ගොඩ, සූරියවැව හා ගල්කඩුව යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර උණුසුම් කාලගුණික තත්ත්වය එළඹෙන මැයි මාසයෙත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඉදිරි දිනවල වයඹ පළාත සහ ගම්පහ, මන්නාරම, වවුනියාව, මුලතිව්, අනුරාධපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවලට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බවයි.
සෞඛ්‍ය අංශ පැවසුවේ එම අවස්ථාවලදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල විවේක ගැනීම, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් හැඳීම මෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.
මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට කට බලපා ඇති වියලි කාලගුණ තත්ත්වය හෙතුවෙන් පුද්ගලයින් තුන් ලක්ෂ විසි එක් දහස් එකසිය විසිහත් දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් හැත්තෑ පන් දහස් හාරසිය දහසයක් ඒ අතර වන බවයි.