
CID භාරයට ගත් රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලීසියට භාර දෙයි
CID භාරයට ගත් රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලීසියට භාර දෙයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලීසියට භාර දී තිබේ.
ඒ, ඔහු ගමන් කළ මෝටර් රථයේ තිබී ගංජා සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ය.
ඔහු සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් 04 දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.
රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු 5 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත්තේ ය.
ඔහු සමග දිවයිනට පිටුවහල් කර ඇති අනෙක් පුද්ගලයින් වන්නේ මොහොමඩ් වෂීම්ඩීන්, දිමුතු සුරන්ත පෙරේරා ,සුරාජ් කාවින්ද සිල්වා සහ චරිත් පත්මන් නමැති අයයි.
මාකඳුරේ මධුෂ් සමග ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූ පිරිසෙන් මේ වන විට දිවයිනට එවා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 13කි.
- අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න…. ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
- මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය
- ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
- 20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
- භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
- ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි – ලංකා ගල්අඟුරු සමාගම කියයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්