5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය වෙනුවට 8 ශ්‍රේණියේදී සිසු දක්ෂතා හඳුනා ගැනීමේ විභාගයක්

by Staff writer 05-04-2019 | 3:04 PM

COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 8 ශ්‍රේණියේදී දක්ෂතා හඳුනා ගැනීමේ විභාගයක් පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනධිපතිතුමා සඳහන් කළේ, තෝරාගත් විෂය ක්ෂේත්‍රයක් ඔස්සේ දරුන්ට ඉහළ අධ්‍යාපනය ලැබීමට නව වැඩපිළිවෙල තුළින් අවස්ථාව උදා වන බවයි. ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරමින් නව අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇත්තේ, දරුවන්ට තම දක්ෂතා අනුව අනාගතය ගොඩනගා ගැනීමට අවස්ථාව සලසාදීමට බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ය. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ නව ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ලට මුල් ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.