අයවැය පිළිබඳ ශ්‍රී.ල.නි.ප.යේ තීරණය

ශ්‍රී.ල.නි.ප.ය අයවැයට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීමට තීරණය කරයි

by Staff writer 05-04-2019 | 2:21 PM
COLOMBO (News 1st) - ඒකාබද්ධ විපක්ෂය මෙවර අයවැයට විරුද්ධව ඡන්දය දීමට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබේ. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය දීමටත් දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂවත් ඡන්දය ලබා දෙනු ඇති. අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, එක්සත් ජාතික පක්ෂයේ සිට විපක්ෂයට පැමිණි ආනන්ද අලුත්ගමගේ මහතා ද අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව ය.