රංගන ශිල්පී රයන් රිමාන්ඩ්

රංගන ශිල්පී රයන් ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ්

by Staff writer 05-04-2019 | 4:45 PM

COLOMBO (News 1st) - අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වැන්ග් රෝයන් ලබන 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරු මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් රයන් වැන්ග් රෝයන් ඊයේ අලුයම මෙරටට පිටුවහල් කෙරුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු මොරවක පොලීසියට භාර දුන්නේ, මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කිරීමේ චෝදනාවක් යටතේයි. රයන් වැන්ග් රෝයන් මහතා ඩුබායිහි අත්අඩංගුවේ සිටියදී මාතර ප්‍රදේශයේ හෝටලයකින් සොයාගත් ඔහුගේ මෝටර් රථයේ තිබී ගංජා හමුවිය.