රාහුල විද්‍යාලයේ නම වෙනස් කිරීම ගැන විමර්ශනයක්

මාදිවෙල රාහුල විද්‍යාලයේ නම වෙනස් කිරීම ගැන විමර්ශනයක්

by Staff writer 05-04-2019 | 12:21 PM
COLOMBO (News 1st) - මාදිවෙල රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම වෙනස් කිරීම සම්බන්ධයෙන් පළ වන අප්‍රසාදය පිළිබදව කරුණු විමර්ශනය කර ජනාධිපතිවරයාට වාර්තා කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි. කිසිදු පුද්ගලයෙකුගේ නමින් පාසල් විවෘත කිරීම අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට තම අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දුන් බව අසාද් සාලි මහතා නිව්ස්ෆස්ට් සමග පැවසුවේ ය. සාලි මහතා පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයාගේ ද අනුමැතියකින් තොරව මෙලෙස රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම් කර ඇති බව ය. ශ්‍රී රාහුල හිමි වැනි ශ්‍රේෂ්ඨ හිමි නමකගේ නම ඉවත් කොට ඊට දේශපාලනඥයෙකුගේ නමක් යෙදීම සදාචාර සම්පන්න නොවන බව පෙන්වා දෙන සාලි මහතා පවසන්නේ, යම් දේශපාලනඥයෙකුට තමන්ගේ නමින් ගොඩනැගිල්ලක් විවෘත කර ගැනීමට අවශ්‍ය නම් අදාළ දේශපාලනඥයාගේ පෞද්ගලික මුදලින් එය ඉදිකර විවෘත කර ගත යුතු බව ය.