බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ගුටිබැට හුවමාරුව

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ගුටිබැට හුවමාරුව

by Staff writer 05-04-2019 | 9:39 PM

COLOMBO (News 1st) - පක්ෂ විපක්ෂ මන්ත්‍රී ගැටුමක් හේතුවෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභා රැස්වීම අද උණුසුම් විය.

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව අද රැස්වූයේ එහි සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි. සභාවට අයත් පොදු වෙළෙඳ සංකීර්ණය ඉඳිකෙරුණු අවධියේ එම භූමිය තුළ ජීවත් වූ පවුලකට අදාළ වෙළෙඳ සංකීර්ණයෙන් කඩ කාමරයක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඉදිරිපත් කළ යෝජනාව සභාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග මෙම නොසුන්තාව ඇතිවිය. සභා රැස්වීමෙන් අනතුරු එම ස්ථානයට පැමිණි අදාළ පවුලේ සාමාජිකයින්ට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ප්‍රතිචාර දැක්විය. https://www.facebook.com/NewsfirstSL/videos/269368130619069/