ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 05-04-2019 | 6:37 AM
COLOMBO (News 1st) දේශීය පුවත් 1. යාපනය චුන්නාකම්, උතුරු ජනනී තාප විදුලි බලාගාරයේ කටයුතු නිසා ප්‍රදේශවාසීන්ට සිදුව ඇති හානියට රුපියල් මිලියන 20ක වන්දියක් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නොදර්න් පවර්ස් සමාගමට නියෝග කළේ ය. 2. ගැබ්බර ගව දෙනුන් විසි දහසක් ආනයනය කිරීමට අදාළව තම අමාත්‍යංශය හා ඔස්ට්‍රේලියානු සමාගම සමග 2016 දී අත්සන් කළ ගිවිසුමේ පිටපතක් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය සතුව නැතැයි අනාවරණය වෙයි. 3. හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අභියාචනාධිකරණය ඊයේ නියෝග කළේ ය. 4. මහපොළ ශිෂ්‍යාධාරය මෙම මාසයේ සිට මහපොළ භාරකාර අරමුදල හරහා සිසුන්ට සෘජුව යොමු කිරීමට අදාළ චක්‍රලේඛයක් නිකුත් වී තිබේ. 5. මාකදුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වැන්ග් රෝයන් ඇතුළු 5 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ. විදෙස් පුවත් 6. බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ප්‍රමාද කිරීමට අදාළ පනත් කෙටුම්පතට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබේ.