ඛනිජ තෙල් අමාත්‍යංශයේ සිදු වූ වෙඩි තැබීම

ඛනිජ තෙල් අමාත්‍යංශයේ සිදු වූ වෙඩි තැබීම: පොලිස් සැරයන්වරයා චෝදනාවලින් මුදා හැරේ

by Staff writer 05-04-2019 | 12:41 PM
COLOMBO (News 1st) - ඛනිජ තෙල් අමාත්‍යංශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයා එම චෝදනාවලින් මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා ය. සැකකරුට එරෙහිව තවදුරටත් නීති මගින් කටයුතු නොකරන බවට නීතිපතිවරයා ලිඛිතව දැනුම් දී තිබේ. ඒ පිළිබඳව විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළේ ය. 2018 වසරේ ඔක්තෝබර් 27 වන දා දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානය තුළදී ඇති වූ නොසන්සුන්තාවකදී අදාළ වෙඩි තැබීම සිදු වූ අතර, ඉන් එක් අයෙකු මිය ගියේ ය.