ආයෝජකයාවවත් නොදන්නා හම්බන්තොට දෙවැනි ව්‍යාපෘතිය ?

by Staff writer 05-04-2019 | 8:56 PM

COLOMBO (News 1st) - හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රශ්න රැසක් මතුවෙද්දී තව ත් එවැනිම ව්‍යාපෘතියක් ගැන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා කරුණු අනාවරණය කරයි.

ඔහු පවසන ආකාරයට යෝජිත නව ව්‍යපෘතිය අතිවිශාල ආයෝජනයකි. උපාය මාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් අයෝජන පිළිබඳව පැහැදිලි කළේ ය. උපාය මාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය, නලින් බණ්ඩාර ජයමහ,
ඩොලර් බිලින 14 ක තව ත් තෙල් පිරිපහදුවක්. බැරල් හාරලක්ෂ විසිදාහක නිෂ්පාදනය කිරීමේ තව ත් තෙල් පිරිපහදුවක් අද හෙටම එන්න නියමිතයි. සිංගප්පූරු සමාගමක් ඊයෙත් ඔවුන් ඇවිල්ලා සාකච්ජා කළා. ඩොලර් බිලියන 14.2 ක් මේ තෙල් පිරිපහදුවට යාබද ඉඩම අපි ඔවුන්ට ලබාදෙන්න කටයුතු කරොත් එහෙම කඩිනමින් ඔවුන් සූදානම් කඩිනමින් දෙවන තෙල් පිරිපහදුවත් නිර්මාණය කරන්න. මේ ආයෝජනවලට විරුද්ධ ඊර්ෂියාවෙන් වෛරයෙන් ‍ක්‍රොදත්වයෙන් පෙළෙන බංකොලොත් දේශපාලඥයෝ තමයි මේවට විරුද්ධව කතා කරන්නේ එවට අපි ක්‍රියාවෙන් තමයි උත්තර දෙන්නේ කියන එක මතක් කරනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන මෙම තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට සූදානම් වන්නේ, සිංගප්පූරුවේ පිහිටි සුජී එනර්ජි ඉන්ටනැෂනල් නම් සමාගමක් බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුණි. මෙය අමෙරිකානු ඩොලර් බිලියන 14 ක අතිවිශාල ආයෝජනයකි. මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියරේදී තව ත් ඩොලර් බිලියන 24 ක් ආයෝජනය කිරීමට සූදානමින් සිටින බව පුවත්පත අනාවරණය කළේ ය. මෙතරමි විශාල ආයෝජනයක් සිදු කිරීමට සූදානම්වන බව කියන මේ ආයෝජකයා කවු ද? සුජී එනර්ජි ඉන්ටනැෂනල් සමාගමේ මව් සමාගම වන්නේ ඉන්දුනීසියාවේ පී.ටී සුජී සමාගමයි. පී.ජී සුජී සමාගම සිංගප්පූරුවේ ලියාපදිංචි සිල්වර් ෆොරස්ට් සමාගමට අයත් ය. නමුත් අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ, පී.ටී සුජී සමාගම කුප්‍රකට පැනමා පේපර්ස් මගින් හෙළිදරව් වූ සමාගමක් බවයි. ශ්‍රී ලංකාවේ දැවැන්ත ආයෝජනකට ඉදිරිපත් වන බව කියන මේ සමාගම නීත්‍යානූකූල නොවන බදු සහන ලබා ගැනීම සඳහා බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්හි ලියාපදිංචි කරන ලද සමාගමක් බව පැනමා පේපරස් සාක්ෂි දරනු ඇත. දැනටමත් හම්බන්තොට තෙල් පිරිපහදුව සඳහා ආයෝජනය කර ඇති සමාගමේ නම සිල්වර් පාර්ක් ඉන්ටනැෂනල් වන අතර යෝජිත නව ආයෝජකයා සිල්වර් ෆොරස්ට්වීම කැපී පෙනෙන සිද්ධියකි. නියෝජ්‍ය නලින් බණ්ඩාර මහතා අදහස් දක්වන්නේ, මේ අවස්ථා සම්බන්ධයන් ගැන අවබෝධයක් නෙමැතිව ද? අවධානයට...