මහපොළ ශිෂ්‍යාධාරය සම්බන්ධයෙන් චක්‍රලේඛයක්

ශිෂ්‍යාධාර මුදල් මහපොළ අරමුදලෙන් සිසුන්ට සෘජුව යොමු කිරීමේ චක්‍රලේඛයක්

by Staff writer 04-04-2019 | 7:18 AM

COLOMBO (News 1st) - මහපොළ ශිෂ්‍යාධාරය මෙම මාසයේ සිට මහපොළ භාරකාර අරමුදල හරහා සිසුන්ට සෘජුව යොමු කිරීමට අදාළ චක්‍රලේඛයක් නිකුත්වී තිබේ.

මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලේ අධ්‍යක්‍ෂ පරාක්‍රම බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙම මාසයට අදාළ ශිෂ්‍යාධාරය ලබන මැයි මස 15 වැනි දා සිසුන්ගේ බැංකු ගිණුම්වලට යොමු කරන බවයි. ප්‍රමාදයකින් තොරව සිසුන්ට ශිෂ්‍යාධාරය ලබාදීම වෙනුවෙන් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ද පරාක්‍රම බණ්ඩාර මහතා සඳහන් කළේ ය.