මෛත්‍රී - මහින්ද අද විශේෂ සාකච්ඡාවක

අයවැය ගැන අවසන් තීන්දුවක් ගැනීමට ජනපති හා විපක්ෂ නායක අතර හමුවක්

by Staff writer 04-04-2019 | 6:32 AM

COLOMBO (News 1st) - අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම හෙට පැවැත්වීමට නියමිත වේ.

ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය. පස්වරු 4.00 ට සාකච්ඡාව ආරම්භ වන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී යි. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ, ඊට විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහභාගී වන බව යි.