වෛද්‍යවරියකට බැන වැදීම ගැන මහ ඇමති සමාවගත යුතු යැයි කියමින් ඌව වෛද්‍යවරුන් එක්දින වර්ජනයක

by Staff writer 03-04-2019 | 9:24 PM

COLOMBO (News 1st) - අද ඌව පළාතේ සියලු රෝහල්වල වෛද්‍යවරුන් එක්දින වැඩ වර්ජනයක් දියත් කර තිබේ.

ඒ, පසුගිය දා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියට බැන තර්ජනය කර ඇති බවට වූ සිද්ධියක් මුල් කරගනිමිනි. ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල දෙමෝදර ප්‍රාදේශිය රෝහල මැදින් මාර්ගයක් ඉදිකිරීමට ගත් ක්‍රියාමාර්ගයට සෙඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර නොදීම මුල් කරගනිමින් රජයේ නිලධාරීන් හා ප්‍රදේශවාසින් ඉදිරියේ ඇයට බැන වැදි ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය. ඊට විරෝධය පළ කරමින් දෙමෝදර ප්‍රාදේශිය රෝහලේ සේවාවලින් පසුගිය 29 වැනි දා සිට වෛද්‍යවරුන් ඉවත් විණි. එම වෘත්තිය ක්‍රියාමර්ය තව ත් වැඩි කරමින් අද ඌව පළාතේ පළාත් රෝහල්වල වෛද්‍යවරුන් එක්දින වැඩ වර්ජනයක් දියත් කළ බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය. මේ අතර අද බදුල්ල නගරයට රැස් වූ ඌව පළාතේ වෛද්‍යවරුන් පා ගමනින් ඌව පළාත් සභාව ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත විය. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ, ප්‍රධාන අමාත්‍යවරයා හැකි ඉක්මනින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නා බවයි.