by Staff writer 03-04-2019 | 3:58 PM
COLOMBO (News 1st) - බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේදී විරෝධතාවයේ නිරත සරසවි සිසුන් පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
මේ වනවිට පාර්ලිමේන්තු මාර්ගය පොල්දූව මංසන්ධියෙන් තාවකාලිකව වසා දමා ඇත.
පොලීසිය සඳහන් කළේ, බත්තරමුල්ල, රාජගිරිය හා පොල්දූව මංසන්ධිය ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි.
2000 කට අධික සිසුන් පිරිසක් මෙම විරෝධතාවට සහභාගී වී සිටින බව පොලීසිය සඳහන් කළේ ය.