පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

පරාජයට පත් වූ අමාත්‍යංශ දෙකේ වැය ශීර්ෂ සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

by Staff writer 03-04-2019 | 2:21 PM
COLOMBO (News 1st) - පසුගියදා පරාජයට පත්වූ අමාත්‍යංශ දෙකේ වැය ශීර්ෂ සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. අද ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවේ වටිනාකම රුපියල් බිලියන 287කි. මේ අතර කෝප් කමිටුව අද පස්වරුවේ රැස් වේ. අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ, කෝප් කමිටුව සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් කැඳවා ඇති බව ය.