ඩුබායි රාජ්‍යයෙන් ලංකාවට එවූ ලංකා පෙරේරාට ඇප

ඩුබායි රාජ්‍යයෙන් ලංකාවට එවූ ලංකා පෙරේරාට ඇප

by Staff writer 03-04-2019 | 6:21 PM

COLOMBO (News 1st) - ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර දිවයිනට එවූ ලංකා රජිත පෙරේරා අද ශරීර ඇප මත මුදා හැරුණි.

ඒ, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ඔහු මුදා හැරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය. ඔහු මාතර අධිකරණයේ විභාග වන නඩුවක වරෙන්තුකරුවෙකු බැවින් ඔහුට එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය නියෝග කර සිටි. මේ අතර ලංකා රජිත පෙරේරා සමග දිවයිනට එවනු ලැබූ මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද අලුයම මුදා හරිනු ලැබුවේ ය.