ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 03-04-2019 | 6:46 AM
COLOMBO (News 1st) දේශීය පුවත් 1. හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ බදු ගිවිසුම් තවමත් අත්සන් කර නැතැයි ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. 2. අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිණී ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි. 3. වැය ශීර්ෂ පරාජය කුමන්ත්‍රණයක් ද? 4. රථ වාහන වැරදි 7ක අවම දඩය රුපියල් 25000ක් කිරීමේ ගැසට් නිවේදනය පෙරේදා මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරිණි. 5. ලබන අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. 6. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විභාග වන නඩු කඩිනම් කරන්නැයි, රජයේ සියලු නීතිඥවරුන්ට උපදෙස් දුන් බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. 7. මධුෂ් සමග සිටි සියාම් හා සජිත කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 8. යුක්‍රේන ජනාධිපතිවරණයේ පළමු වටයෙන්, දේශපාලනය පිළිබඳ අත්දැකීම් රහිත ප්‍රහසන නළුවකු වන වොල්ඩිමයර් සෙලෙන්ස්කි වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගෙන ඇතැයි එරට පූර්ව මැතිවරණ ප්‍රතිඵල අනාවරණය කළේ ය.