English
தமிழ்
කර්තෘ Staff writer
03 Apr, 2019 | 7:46 am
COLOMBO (News 1st) – ඌව පළාතේ රජයේ සියලු වෛද්‍යවරු අද වැඩ වර්ජනයක නිරත වෙති.
ඒ, දෙමෝදර දිසා රෝහල මැදින් මාර්ගයක් ඉදිකිරීම හා ඒ පිළිබඳව ගැටලුවේදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ක්‍රියා කළ ආකාරයට විරෝධය පළ කරමිනි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේ, ගැටලුව පිළිබඳව පළාත් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡා කළ ද විසඳුමක් නොලැබුණු බව ය.
මේ අතර දෙමෝදර ප්‍රාදේශීය රොහල වසා දමා එහි කාර්ය මණ්ඩලය බදුල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට වාර්තා කර තිබේ.
ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් විජේසිරි මහතා පැවසුවේ, ඒ පිළිබඳව තමන් දැනුවත් කර ඇති බව ය.
රෝහලේ නිල නිවාසයකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් විමසීමට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීය.
07 Oct, 2019 | 04:39 PM
26 Sep, 2019 | 06:59 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS