හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ගැන හෙළිදරව්වක්

හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ බදු ගිවිසුම් තවමත් අත්සන් කර නැතැයි හෙළි වෙයි

by Staff writer 02-04-2019 | 7:04 PM
COLOMBO (News 1st) - හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ගැටලු පිළිබඳව අපි මාර්තු 21 වන දා සිට අවස්ථා ගණනාවකදී අනාවරණය කළෙමු. අද ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී මේ පිළිබඳව කරුණු රැසක් අනාවරණය විය. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙලෙස හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය පිළිබඳව කරුණු අනාවරණය විය. එහිදී අනාවරණය වුණේ, මෙම ව්‍යාපෘතියේ බදු ගිවිසුම මෙතෙක් අත්සන් කර නොමැති බව ය.