by Staff writer 02-04-2019 | 10:38 PM
COLOMBO (News 1st) - අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිණී ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.
ඒ, සහෝදර කලාකරුවන් රසික රසිකාවියන් ඇතුළු විශාල පිරිසකගේ සෝ සුසුම් මැදයි.
ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහය රැගත් රිය පෙරහැර අද පස්වරු 1.30ට නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි නිවසින් පිටත්ව කෝට්ටේ ශාන්ත තෝමස් දේවස්ථානට පැමිණියේ ය.
එහිදී ආගමික වතාවත්වලින් පසුව බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ආ දේහය ගායික ගායිකා සංගමය භාර ගනු ලැබුවේ ය.
මෙහිදී ජනාධිපතිතුමාගේ ශෝක පණිවුඩය බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් ඉදිරිපත් කළේ ය.
ශ්‍රී ලාංකේය ගීතයේ ඇන්ජලින් ගුණතිලක සලකුණ පිළිබඳව මෙහිදී ආවර්ජනය කළේ, ආචාර්ය නුවන් නයනජිත් මහතායි.
දශක 6කට ආසන්න කාලයක් සිය හඬින් ලාංකේය හදවත් රසාලිප්ත කළ ඇන්ජලින් ගුණතිලක මහත්මිය සිය සුමියුරු හඬ දශක ගණනාවකට ඉතිරි කරමින් අද පස්වරුවේ දැයෙන් සමු ගත්තා ය.