by Staff writer 02-04-2019 | 8:46 PM
COLOMBO (News 1st) - වරින් වර සිදු කරන විදුලිය කප්පාදුවට අදට දින 16ක්.
මේ හේතුවෙන් සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරවලින් යැපෙන විශාල පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති.
මේ අතර විදුලි කප්පාදුවට අදාළ වාර්තා මහජන උපයෝගීතා කොමිසමට ලබා නොදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 9 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා ලංකා විදුලිබල මණ්ඩලයට අද නොතීසි නිකුත් කළේ ය.
එම නොතීසි නිකුත් කළේ, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසිනි.
පැමිණිල්ලක් කරමින් මහජන උපයෝගීතා කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ, 2017 වසරේ මැයි මස 28 වන දා සිට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුවට අදාළ ලේඛන තමන් වෙත ලබා දී නොමැති බව ය.