by Staff writer 02-04-2019 | 1:09 PM
COLOMBO (News 1st) ; ලබන අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කළේ, ඊට අදාළ කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.
එළැඹෙන සිංහල හා දමිළ අවුරුද්ද සෙනසුරාදා හා ඉරිදා දිනයක මෙවර යෙදී ඇති බැවින් එම පියවර ගත් බව ඔහු සඳහන් කළේ ය.