මරණ දඬුවමට නම් ලැයිස්තුව ලෑස්තියි...

මරණ දඬුවමට නම් ලැයිස්තුව ලෑස්තියි...

by Sagarika Chathumali 01-04-2019 | 10:44 PM
COLOMBO (News 1st) : මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරුවන්වූවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද යළි ත් අදහස් පළ කළේ ය. ජනාධිපතිවරයා පැවසුවේ, මරණ දඬුවම ලබාදීම සඳහා වන නාම ලේඛනය ද මේ වන විට පිළියෙල කර අවසන් බවයි.
"මර්දනය කියන කාරණාවේදී දඩුවම් දීම ඉතා අත්‍යවශ්‍යයි මේ රටේ මරණ දඬුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්වස්ථාවේ නීතිගත වෙලා තියෙනවා ඒක ක්‍රියාත්මක වෙලා නැහැ .ඒ ක්‍රියාත්මක නොවීම තමයි මේ රටේ පාතාල , නීතිවිරෝධි මත්ද්‍රව්‍ය වැඩිවෙන්න හේතුවෙලා තියෙන්නේ ඉදිරි දිනවලදී මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමත් කරනවා. ඒ සම්බන්ධයෙන් නාම ලේඛනත් පිළියෙල කරලා අවසානයි. එහෙම නැතුව අපේ රට හදන්න පුළුවන්කමක් නැහැ .බුදුන් වහන්සේත් දේශනා කරලා තියෙනවා දණ්ඩනය කියන එක දඬුවම තියෙන්න ඕනේ කියලා මිනිස්සු හදන්න.."
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද කැලණිය, ගෝනවල පිහිටි ගබඩා සංකීර්ණයකදී කොකේන් තොගයක් විනාශ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අවස්ථා 4 කදී සොයාගත් කොකේන් කිලෝ ග්‍රෑම් 769 කට අධික ප්‍රමාණයක් එලෙස විනාශ කෙරුණේ, ජනාධිපතිවරයා ඉදිරියේයි. තවද අලුත් අවුරුද්දෙන් පසු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ද අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රිවිද හමුදාව සහ පොලීසිය එක්ව පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය.
"මත්ද්‍රව්‍ය විකුණන අය බෙදාහරින අය පාවිච්චි කරන අය කුඩු දුම් අදින අය මේ සියලු දෙනාම නීතියේ රැහැනට හසුකරගැනීම සඳහා මේ මාසේ සිංහල අවුරද්දෙන් පස්සේ යුද නාවික ගුවන් එස්. ටී. එෆ්. අනෙකුත් කාර්යංශ රේගු මේ සියලු අංශ මීට කලින් ක්‍රියාත්මක නොවු පුළුල් වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා.."
තව ද තවත් අවුරුදු 2ක කාලයක් ඇතුළත මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට හැකිවන බවට ආරක්ෂක අංශ විශ්වාස කරන බවට ද ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් පැවසී ය.
"අපි අලුත් පුනුරුප්ථාපන කදවුරුත් විවෘත කරනවා දැනට තියෙන කඳවුරුවලට අමතරව .දැනට තියෙන සැලසුම අනුව ලංකාවේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය අවුරුදු 2ක කාලයක් තුළ අතුගා දාන්න පුළුවන් කියලා ඒගොල්ලෝ තීන්දුවකට ඇවිත් තිබෙනවා..."
2016 වසරේ වසරේ ජුලි මස 21 වනදා ඔරුගොඩවත්තේදී පොලිස් භාරයට ගත් කොකේන් කිලෝ ග්‍රෑම් 301 ග්‍රෑම් 235 ක්, 2016 වසරේ නොවැම්බර් මස 09 වැනිදා හා 24 වැනිදා කැලණියෙන් හා ඔරුගොඩවත්ත රේගු අංගනයෙන් සොයාගත් කිලෝග්‍රෑම් 250 ග්‍රෑම් 794ක් සහ 2017 වසරේ ජුලි මස 19 වැනිදා රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේදී පොලිස් භාරයට ගත් කොකේන් කිලෝ ග්‍රෑම් 216 යි ග්‍රෑම් 435 ක් මෙලෙස විනාශ කෙරිණ. මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කළේ, කොළඹ හා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේයි . අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද ඊට සහාය ලබාදුන්හ. කොකේන් තොගය විනාශ කිරීමේ ක්‍රියාවලිය පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා...
"මෙම ස්ථානයේදී සිදුවන්නේ ඝණ කොකේන් දියර කොකේන බවට පත්කිරීමයි .රසායනික් ක්‍රියාවලියක් හරහා .මේ ටැංකි 4ට දියර කොකේන් දැමීම සිදුවනවා .ඉන් අනතුරුව පූර්ණ පොලිස් ආරක්ෂාව යටතේ දියර කොකේන් බවට පත්කිරීමෙන් අනතුරුව පුත්තලමේ පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාව වෙත .එහිදි සෙල්සියස් අංශක 1800-2000ත් අතර උෂ්ණත්වයක් යටතේ මේ සියර කොකේන් පූර්ණ දහනය කිරීමකට ලක්කිරීමට නියමිතව තිබෙනවා. ඒ උෂ්ණත්වය සූර්යාගේ උෂ්ණත්වයෙන් තුනෙන් 1ක සමානයි .මේ සම්බන්ධයෙන් ගරු නීතපතිතුමාගෙන් උපදෙස් අරගෙන තියෙනවා , ඒ උපදෙස් අනුව පරිසරයට කිසිදු හානියකින් තොරවයි මෙම ක්‍රියාවලිය සිදුකිරීමට අවශ්‍ය වෙන්නේ"
මේ අතර දියර කළ කොකේන් රැගත් ලොරි පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාව දක්වා ගෙන ආවේ අද පස්වරුවේයි . https://www.youtube.com/watch?v=gq1cGT_oAyo