by Staff writer 01-04-2019 | 3:32 PM
COLOMBO (News 1st) : වයඹ පළාත මන්නාරම ,වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල හෙට උණුසුම් කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ පිළිබඳ ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
උණුසුම් කාලගුණය පවතින අවස්ථාවේදී සෙවන ඇති ස්ථානවල රැඳී සිටිම සහ වැඩිපුර ජලය පානය කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.