දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු පහළට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු පහළට

by Staff writer 01-04-2019 | 10:26 AM

COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අද සිට රුපියල් 20.00 කින් පහත දමා තිබේ.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර සහ ගාල්ල අතර නව බස් ගාස්තුව අද සිට රුපියල් 420.00 ක් වනු ඇති. මාකුඹුර සහ මාතර අතර නව බස් ගාස්තුව රුපියල් 530.00 කි. නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනා ගමන කොමිසම පැවසුවේ, අද සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් බස් සේවාවන් ආරම්භ කිරීමට නියමිත බවයි. නව බස් සේවාව හේතුවෙන් මෙම ගාස්තු සංශෝධනය සිදු ව තිබේ. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඊයේ ජනතා අයිතියට පත් කෙරුණි.