කිලෝ 765 කට අධික මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශයට

ජනපති නිරීක්ෂණය යටතේ කිලෝ 765 කට අධික මත්ද්‍රව්‍ය අද ප්‍රසිද්ධියේ විනාශ කෙරේ

by Staff writer 01-04-2019 | 6:27 AM

COLOMBO (News 1st) - අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් 765 කට අධික ප්‍රමාණයක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණය යටතේ ප්‍රසිද්ධියේ විනාශ කෙරේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයක් එලෙස විනාශ කරෙන බවයි. අදාළ මත්ද්‍රව්‍ය තොගය සපුගස්කන්ද ගබඩා සංකීර්ණයකදී දියර බවට පත්කර පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවේදී පුළුස්සා දැමීමට නියමිත වේ. පසුගිය වසරේ ජනවාරි 15 වැනි දා ද කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 920 ක් ප්‍රසිද්ධියේ විනාශ කරනු ලැබුවේ ය. එලෙස විනාශ කරනු ලැබුවේ, 2016 වසරේ දෙසැම්බර් 09 වැනි දා කොළඹ වරායට පැමිණි නෞකාවකින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයකි.