කොකේන් තොගය විනාශ කිරීම ඇරඹේ

කිලෝ 765 කට අධික කොකේන් තොගය ජනපති අධීක්ෂණයෙන් විනාශ කිරීම ඇරඹේ

by Staff writer 01-04-2019 | 12:00 PM

COLOMBO (News 1st) - මෙරට අත්අඩංගුවවේ ඇති කොකේන් කිලෝග්‍රෑම් 765 කට අධික තොගයක් විනාශ කිරීමේ කටයුතු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණය යටතේ ආරම්භ වී තිබේ.

ඒ, කැලණිය, ගෝනවල ගබඩා සංකීර්ණයකදීයි. මෙලෙස විනාශ කෙරෙන්නේ, ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයකි. මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ, වෛද්‍ය සමන්ත කිතලකආරච්චි මහතා පැවසුවේ, අදාළ මත්ද්‍රව්‍ය තොගය සපුගස්කන්ද ගබඩා සංකීර්ණයකදී දියර බවට පත්කර පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවේදී පුළුස්සා දමන බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/2365582747055036/