හලාවත බස් දෙකක් ගැටී 12 දෙනෙකු රෝහලේ

හලාවත බස් දෙකක් ගැටී 12 දෙනෙකු රෝහලේ

by Staff writer 31-03-2019 | 7:42 AM

COLOMBO (News 1st) - හලාවත, බංගදෙණියේදී බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, මගියෙකුට බැසීමට ලංගම බස් රථය නතර කළ අවස්ථාවේ පිටුපසින් පැමිණි පෞද්ගලික බස් රථය එහි ගැටී ඇති බවයි. අනතුරින් පෞද්ගලික බස් රථයේ සිටි 10 දෙනෙකු සහ ලංගම බස් රථයේ දෙදෙනෙකු තුවාල ලැබූහ. ඔවුන් හලාවත රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.