සම්බා හා නාඩු සහල් මිල පහළට

සම්බා හා නාඩු සහල් මිල පහළට

by Staff writer 31-03-2019 | 7:29 AM

COLOMBO (News 1st) - සම්බා හා නාඩු සහල් මිල අඩු කිරීමට සහල් මෝල් හිමියන් තීරණය කර තිබේ.

සහල් මෝල් හිමියන් පැවසූවේ, ඒ අනුව නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 15.00 කින් හා සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 20.00 කින් අඩු කළ බවයි. ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල අඩු කිරීම සිදු කළ බව ද ඔවුන් පවසති. ඔවුන් සඳහන් කළේ, දේශීය අස්වැන්න විශාල වශයෙන් ලැබීම හේතුවෙන් මේ පියවර ගත් බවයි. මෙම තීරණයත් සමග වෙළෙඳපොළේ සහල් මිලේ තත්ත්වය පිළිබඳව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයනතයේ ජ්‍යෙෂ්ඨ කෘෂි ආර්ථික විද්‍යාඥ දුමින්ද ප්‍රියදර්ශන මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. මේ අතර රජය මීට පෙර පැවසුවේ, හෙට සිට සම්බා හා නාඩු සහල් සඳහා පාලන මිලක් පනවන බවයි.