වියළි කාලගුණයෙන් පුද්ගලයින් 56,000 කට පීඩා...

වියළි කාලගුණයෙන් පුද්ගලයින් 56,000 කට පීඩා...

by Staff writer 31-03-2019 | 7:51 AM

COLOMBO (News 1st) - පවතින වියළි කාලගුණයත් සමග පුද්ගලයින් 56,000 කට අධික පිරිසක් පීඩාවට පත් ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, කෑගල්ල, පුත්තලම, වව්නියාව, යාපනය හා මහනුවර දිස්ත්‍රික්කවල පිරිසක් එළෙස පීඩාවට පත් ව ඇති බවයි. ඔවුන්ට සහන සැලසීම සඳහා ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය. ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, වියළි කාලගුණයත් සමග කැලෑ ගැනි තැබීම් ද ඉහළ ගොස් ඇති බවයි. මේ අතර වියළි කාලගුණය ඉදිරි සති කිහිපයේදීත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.