by Staff writer 31-03-2019 | 3:30 PM
COLOMBO (News 1st) : වාරියපොල - පුත්තලම මාර්ගයේ මාමුණුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් දෙදෙනකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, බවුසර් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ලා ගැටී පසුව වෑන් රථය තවත් බවුසර් රථයක ද ගැටී ඇති බවයි.
අනතුරින් වෑන් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනා සහ රියැදුරු බරපතළ තුවාල ලැබූහ.
ඔවුන් වාරියපොල සහ කුරුණැගල රෝහල්වලට ඇතුළත් කර තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ රියැදුරු සහ කාන්තාවකි.
අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.