වසර 4 කට පසු නාරා බෝයාව යළි සොයා ගැනේ

වසර 4 කට පසු නාරා බෝයාව යළි සොයා ගැනේ

by Staff writer 31-03-2019 | 2:18 PM

COLOMBO (News 1st) - මඩකලපුව මුහුදේදී වසර 4 කට පෙර අතුරුදන් වූ නාරා අයාතනයට අයත් බෝයාවක් සොයා ගැනීමට නාරා ආයතනයේ ජල ශාස්ත්‍රීය අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල ශාස්ත්‍රීය අංශය සමත්ව තිබේ.

මීට වසර 4 කට පෙර මඩකලපුව සාගර ප්‍රදේශයේ දත්ත රැස් කිරීම සඳහා ස්ථානගත කර තිබීයදී එම බෝයාව අතුරන්ව තිබූ අතර අමෙරිකාවේ ජල ශාස්ත්‍රිය අංශය විසින් ශ්‍රී ලංකාව වටා සාගරයේ ඉතා වටිනා දත්ත රැස් කිරීම සඳහා මෙය මෙරටට පරිත්‍යාග කරන ලද්දකි. නාරා ආයතනයට අයත් සමුද්‍රීය සාගර පර්යේෂණ නෞකාව විසින් මඩකලපුව ප්‍රදේශයේ මුහුදු පතුලේ සිදු කළ පර්යේෂණවලදී මෙය සොයා ගෙන තිබේ. සාගරයේ උෂ්ණත්වය, මත්ස්‍ය ගහණයේ හැසිරීම වැනි දත්ත මෙම බෝයාවන්වල අන්තර්ගත අතර මෙමගින් ධීවර කර්මාන්තයේ ඉදිරි සැලසුම් මෙන්ම අනාගත අභියෝග හඳුනාගැනීමට ද හැකියාව ලැබෙන බව නාරා ආයතනයේ ජල ශාස්ත්‍රීය අංශය පවසයි. මෙම බෝයාව සොයාගැනීමත් සමග අමෙරිකාවේ ජල ශාස්ත්‍රීය අංශය ඒ පිළිබඳව සිය ප්‍රශංසාව පළ කර ඇති අතර මෙය අද පස්වරුවේ ගාල්ල වරායට රැගෙන එන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.