මරණ දඬුවමට දින තීරණය කර අවසන් බව ජනපති කියයි

මරණ දඬුවමට දින තීරණය කර අවසන් බව ජනපති කියයි

by Sagarika Chathumali 31-03-2019 | 7:15 PM
COLOMBO (News 1st) : මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීමේ දින වකවානු මේ වනවිට තමා තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිස්න මහතා පවසයි. ජනාධිපතිවරයා අවධාරණය කර සිටින්නේ, කුමන අභියෝග මධ්‍ය යේ වුව ද මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බවයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මග පෙන්වීම යටතේ සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ මෝදර විට්ස්වයික් උද්‍යානයේ පැවති මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහනට එක්වෙමිනි. https://www.youtube.com/watch?v=ErIYQKvGxVQ