ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 31-03-2019 | 6:29 AM

දේශීය පුවත්

1. දේමෝදර ප්‍රාදේශීය රෝහල වැසේ, රෝගීන් බදුල්ල මහ රෝහලට: දේමෝදර ප්‍රාදේශීය රෝහල වසා දමා ඇති අතර දෙමෝදර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් මේ වන විට බදුල්ල මහ රෝහලට මරු කර යවා තිබේ. 2. ගොවියාගේ දුක තේරුම් ගන්න බැරි රජයකින් වැඩක් නැහැ – හර්ෂ ද සිල්වා: ගොවි ජනතාවගේ දුක තේරුම් ගැනීමට නොහැකි රජයකින් ඵලක් නොමැති බව අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. 3. දෛවයට අභියෝග කළ දැරිය නිව්ස්ෆස්ට් මැදිරියට: කුමන ආකාරයේ අඩුපාඩු, බාධක තිබුණත් ජීවිතය ජය ගත් ජී.ජී. රශ්මි නිමේෂා ගුණවර්ධන. 4. කංජිපානි ඉම්රාන් මාස 3ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර: කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් මාස 3ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

විදෙස් පුවත්

5. බ්‍රෙක්සිට් ගිවිසුම තෙවන වරටත් පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වෙයි: බ්‍රෙක්සිට් ගිවිසුම යළිත් වරක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වී තිබේ.