කැලණිවැලි මාර්ගයට නව දුම්රිය දෙකක්

කැලණිවැලි මාර්ගයට නව දුම්රිය දෙකක්

by Staff writer 31-03-2019 | 7:07 AM

COLOMBO (News 1st) - කැලණිවැලි මාර්ගයේ ධාවනයට නව දුම්රිය දෙකක් අද සිට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, සෑම දිනකම කොළඹ කොටුවෙන් පෙරවරු 10.30 ට හෝමාගම දක්වාත් පස්වරු 12.30 ට හෝමාගම දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව දක්වාත් එම දුම්රිය දෙක ධාවනය කෙරෙන බවයි. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත වන බැවින් මාලපල්ල උපදුම්රිය ස්ථානය අද සිට වසා දැමෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.