by Staff writer 31-03-2019 | 9:10 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සියම් මහා නිකායේ මල්වතු පාර්ශවය විසින් පිරිනමන ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමයෙන් පිදුම් ලැබීය.
මල්වතු පාර්ශවයේ ගෞරව නාම පිළිගැන්වීමේ උත්සවය අද පස්වරුවේ පැවැත්වුණේ, මහනුවර මල්වතු මහා විහාරයේ උපෝසථාගාරයේදීයි.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමිපාණන් ප්‍රධාන අස්ගිරි හා මල්වතු පාර්ශවයන්හි මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණ.
මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියහ.
https://www.youtube.com/watch?v=JjcdQEZ0U2s