වියළි කාලගුණයෙන් පුද්ගලයින් 56,000 කට පීඩා…

වියළි කාලගුණයෙන් පුද්ගලයින් 56,000 කට පීඩා…

වියළි කාලගුණයෙන් පුද්ගලයින් 56,000 කට පීඩා…

කර්තෘ Staff writer

31 Mar, 2019 | 7:51 am

COLOMBO (News 1st) – පවතින වියළි කාලගුණයත් සමග පුද්ගලයින් 56,000 කට අධික පිරිසක් පීඩාවට පත් ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, කෑගල්ල, පුත්තලම, වව්නියාව, යාපනය හා මහනුවර දිස්ත්‍රික්කවල පිරිසක් එළෙස පීඩාවට පත් ව ඇති බවයි.

ඔවුන්ට සහන සැලසීම සඳහා ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.

ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, වියළි කාලගුණයත් සමග කැලෑ ගැනි තැබීම් ද ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර වියළි කාලගුණය ඉදිරි සති කිහිපයේදීත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]