Update : අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්නට පොලිස් ඇප

Update : අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්නට පොලිස් ඇප

Update : අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්නට පොලිස් ඇප

කර්තෘ Staff writer

31 Mar, 2019 | 8:06 am

COLOMBO (News 1st) – Update : බීමත්ව රිය පදවා ත්‍රිරෝද රථයක් අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හැරේ.

පොලීසිය පැවසූවේ,  ඔහු හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

——————————————————————————————————————–

බීමතින් මෝටර් රථයක් ධාවනය කර රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද අලුයම 5.15 ට පමණ බොරැල්ල, කිංසි පාරේදී එම අනතුර සිදු ව ඇති බවයි.

අනතුරින් සුළු තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියැදුරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණි.

එම අවස්ථාවේ දිමුත් කරුණාරත්න බීමතින් සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලීසිය සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]