මෙගාවොට් 2000 ක බලාගාර ඇරඹීමට සැලසුම්

විදුලි අර්බුදයට විසඳුම් ලෙස මෙගාවොට් 2000 ක බලාගාර ඇරඹීමට සැලසුම්

by Staff writer 30-03-2019 | 6:53 AM

COLOMBO (News 1st) - ඉදිරි මාස තුන ඇතුළත මෙගාවොට් 2000 ක පමණ බලාගාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශ්‍ය පවසයි.

එහි ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසුවේ, ජපානය, ඉන්දියාව හා චීනය සමග ඒකාබද්ධව එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි. ඉදිරි මාස තුන ඇතුළත මෙගාවොට් 300 එල්.එන්.ජී. බලාගාර 5 ක් ඉදි කිරීමට සැලසුම් කර ඇතැයි ද ලේකම්වරයා පැවසුවේ ය.