by Staff writer 30-03-2019 | 4:10 PM
COLOMBO (News 1st) - පාතාල කල්ලි සාමාජිකයෙකු වන සිංහාරගේ අමල් සමින්ද සිල්වා නොහොත් රත්මලානේ අංජුගේ සහයකයෙකු ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු රත්මලාන කොතලාවලපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කළ වැටලීමකදී ය.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 109යි මිලිග්‍රෑම් 90ක්, ජංගම දුරකතන 03ක් සිය භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.
අදාළ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියනයකි.