මඩකලපුවේ අනතුරකින් තිදෙනෙකු මරුට

මඩකලපුවේ අනතුරකින් තිදෙනෙකු මරුට

by Staff writer 30-03-2019 | 7:01 AM

COLOMBO (News 1st) - මඩකලපුව, වන්දාරමුල්ල ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තව ත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ රාත්‍රී 7.00 ට පමණ අනතුර සිදු ව ඇති අතර පොලීසිය පැවසුවේ, එහිදි යතුරු පැදි දෙක ගිනි ගැනීමට ද ලක්ව ඇති බවයි. මියගිය හා තුවාල ලැබූ පුද්ගලයින් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේ ය.