බ්‍රෙක්සිට් ගිවිසුම තෙවන වරටත් ප්‍රතික්ෂේප වෙයි

බ්‍රෙක්සිට් ගිවිසුම තෙවන වරටත් පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වෙයි

by Staff writer 30-03-2019 | 7:28 AM

News 1st - බ්‍රෙක්සිට් ගිවිසුම යළිත් වරක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වී තිබේ.

ඒ, තුන්වැනි වරටයි. ඊට පක්ෂව ඡන්ද 286 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 344 කි. තුන්වැනි වරටත් බ්‍රෙක්සිට් ගිවිසුම ප්‍රතික්ෂේපවීම පිළිබඳ අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පැවසුවේ, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා විකල්ප මාවතකට එළැඹිය යුතු බවයි. තෙරේසා මේගේ බ්‍රෙක්සිට් ගිවිසුමට මන්ත්‍රීවරුන් එකඟ නොවන්නේ නම් බ්‍රිතාන්‍යයට අප්‍රේල් 12 දින එකඟතාවයකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සිදුවනු ඇති.