දෛවයට අභියෝග කළ දැරිය නිව්ස්ෆස්ට් මැදිරියට

දෛවයට අභියෝග කළ දැරිය නිව්ස්ෆස්ට් මැදිරියට

by Staff writer 30-03-2019 | 8:30 PM
COLOMBO (News 1st) - කුමන ආකාරයේ අඩුපාඩු, බාධක තිබුණත් ජීවිතය ජය ගත් විවිධ පුද්ගලයින් පිළිබඳව අපි අසා තිබෙනවා. එවන් වූ දැරියක් අද නිව්ස්ෆස්ට් මැදිරියට කැඳවා ගෙන ඒමට අපට හැකියාව ලැබුණා. ඇය නමින් ජී.ජී. රශ්මි නිමේෂා ගුණවර්ධන. අත් දෙකම අහිමි වුවත් එය තමන්ගේ ඉදිරි ගමනට බාධාවක් කර නොගෙන දැවැන්ත ගමනක් යාමට ඇයට මේ වන විට හැකි වී තිබෙනවා. 2012 වසරේදී දෙහිඕවිට හල්ඔළුව කණිෂ්ඨ විදුහලේ ඉගෙනුම ලැබූ මේ දිරිය දියණිය ශිෂ්‍යත්ව විභාගයට පිළිතුරු ලියා සමත් වූයේ එම විද්‍යාලයෙන් සමත් වූ එකම දරුවා වෙමිනි. වියට්නාමයේදී පැවැති ගෝලීය තොරතුරු තාක්ෂණ අභියෝග තරගාවලියේ සුපර් චැලේන්ජ් රන් පදක්කම දිනා ගැනීමට ද ඇය සමත් වූයේ, තම ජීවිතයට අභියෝග කළ සියලු බාධකවලට නැවත නැවතත් අභියෝග කරමින් එපමණක් ද නොව, මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ද ඇය සමත් වුණේ A සාමාර්ථ 8ක් සහ B සාමාර්ථයක් සමගිනි. ඇය අද නිව්ස්ෆස්ට් වෙත පැමිණ සුහද කතාබහක අප සමග නිරත වුණා. https://www.youtube.com/watch?v=ifAwYt5uLXE